අභාවප්රාප්ත ඩබ්.ඩී. අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අනිදාදා (05දා) ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද මහතා ජනපතිවරයාට අද (03දා) ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කරයි.