සෙංගමාලය නොහොත් කහ උණ මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිරයමින් තිබෙන බැවින් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කර එම රෝගය පැතිර යාම පාලනය කරන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව ගෙවී ගිය මාස 09ක කාලය තුළ රෝහල්වලට ඇතුළත් වී රෝගීන් 900කට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත්, මීට අමතරව විශාල පිරිසක් බාහිර රෝගී අංශ වලින් සහ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට වාර්තා වන බවද එම සංගමයේ හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා සිදුකිරීම නිසා පසුගිය කාලයේ සෙංගමාලය පැතිර යෑම පහළ මට්ටමක පැවති නමුත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සංරක්ෂණය සිදුකිරීමට අවශ්‍ය තරම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රට තුළ නොමැති වීමෙන් එම කටයුතු ඇණහිට තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ප්‍රාදේශීය සෞඛ්‍ය සංරක්ෂණය වැඩිදියුණු කරමින් මෙම රෝගය ඇතුළු බෝ වන හා බෝ නොවන රෝග පැතිරයාම පාලනය කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී. සෙංගමාලය වැලඳීම නිසා පසුගිය දිනවල රෝගීන් දෙදෙනෙකු මිය ගිය බවත්, සෙංගමාලය රෝගය තුළින් රෝගීන් මිය යෑම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ගාමිණී කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.