සූරියවැව ප්රදේශයේදී හා කටුපොත ප්රදේශයේදී අද පෙරවරුවේ (05දා) සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය පවසයි.
සූරියවැව පරණ ඇඹිලිපිටිය මාර්ගයේ වීරියගොඩ සර්වෝදය මාවත හන්දිය අසලදී යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අනතුරෙන් වීරියගම සුරියවැව පදිංචි රාජපුරගේ ප්රදීපා නිල්මිණි නමැති 19 හැවිරිදි තරුණියක බරපතළ තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම කටුපොත ප්රදේශයේදී කඩහපොළ මාර්ගයේ පොල්පිටිය පොතුවැව හන්දිය අසලදී කඩහපොළ සිට කටුපොත දෙසට ධාවනය කළ වෑන් රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් එය නතර කරන අවස්ථාවේ වෑන් රථය පිටුපසින් පැමිණි යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව වෑන් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති අතර එහිදී දළුපොත කටුපොත ප්රදේශයේ පදිංචි අමරකෝන් මුදියන්සේලාගේ සම්පත් අමරකෝන් නමැති 46 හැවිරිදි තැනැත්තෙකු කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.