සුළු පක්ෂවල සහයෝගය නොමැතිව තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවත් සුළු පක්ෂ නොමැතිව කිසිවෙකු බලයට පැමිණීමට උත්සාහ කරනවානම් එය සැබෑ කරගත නොහැකි හීනයක් බවත්ක ඳුරට ජනතා පෙරමුණේ නායක අධ්‍යාපන රාජ්‍ය ඇමති වී.රධාක්රිෂ්ණන් මහතා පැවසීය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදීVඅද (07දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“තමා බලයට ආ විට රටේ ප්‍රධාන පක්ෂ වලට අමතක වෙනවා තමන් අද බලයේ සිටින්නේ කාගේ සහයෝගයෙන්ද කියන එක. නමුත් ජනතාව එය හොඳාකාරවම තේරුම් ගෙනයි සිටින්නේ.සුළු ජාතීන්ගේ ඡන්දවලට අද වන විට විශාල වටිනාකමක් තිබෙනවා. සුළු ජාතීන්ගේ පක්ෂවලින් තේරිලා එන මැති ඇමතිවරුන්ට තම ජනතාවට අවශ්‍ය සේවය කිරීමට හැකිවන පරිදි බලය බෙදීමක් සිදුවී නොමැතිවීම කනගාටුවට කරුණක්. අපි ඇමතිවරු වෙලා නිකම් පඩියක් අරන් ගෙදර යන්න නොවෙයි පාර්ලිමේන්තුවට ආවේ.
අද වන විට කඳුරට ජනතා පෙරමුණ කඳුකරයේ ඉදිරියෙන්ම සිටින පත්ෂයක් බවට පත් වෙලා. ඒ වගේම තමයි කඳුකරයේ ප්‍රධාන පක්ෂ අද හරිම එකමුතුයි. අපිට මේ තියෙන ඇමතිකම්වලින් වැඩක් ගන්නයි ඕනේ. අපි ගම්වල ජනයාට වැඩක් කරන්නේ නැතුව කොහොමද අපි ඊළඟ පාර කියන්නේ ඒ අයට මේ පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා. අපිට සාධාරණයක් කරන ප්‍රධාන පක්ෂයකට තමයි අපි සහාය දැක්විය යුත්තේ.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.