සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් අද (09දා) තැනින් තැන වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මද වැසි ඇති වියහැකිය.
මීට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70දක්වා වර්ධනය විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.
ඒ අතරම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50දක්වා වර්ධනය විය හැකි හෙයන් ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.