දිවයින අභ්‍යන්තරයේ හා දිවයිනට වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය හෙට දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
හෙට දිනයේදී සබරගමුව හා මධ්‍යම පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් උදෑසන සිහින් වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.