දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ ඇතිව තිබෙන සුළං තත්ත්වය ජුනි මස 11 දා පැවැතිය හැකි බවත් ඉන් අනතුරුව සුළගේ වෙගය ක්‍රමයෙන් අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව සඳහන් කරයි.
හෙට දිනයේදී සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 50 ඉක්ම වූ තද වැසි ඇපෙක්ෂා කරන බවත් අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.