සුහද සංචාරයක් සඳහා ප්රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්රල්’ සහ ‘කෝබට්’ යන නෞකා අද (20දා) කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව මෙරටට පැමිණි ප්රංශ නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.
මිස්ට්රල් නෞකාව නිලධාරීන් 56 දෙනෙකු ඇතුළුව 431 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වන අතර, කොබට් නෞකාව නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 157 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ.
නෞකාවන් මෙම මස 26 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතව ඇති අතර, එම කාලසීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන වැඩසටහන් රාශියකට සහභාගි වීමට නියමිතය.
වැලිසර නාවික හමුදා ක්රීඩා පිටියේදී, ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා කණ්ඩායම් සමග සුහද ක්රීඩා තරග රාශියකටද නෞකාවන්ගේ නැව් මුළුව සහභාගි වීමට නියමිතය.