එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂ කරුණු හරිහැටි අවබෝධකර නොගෙන ජනතාව නොමග යවන ස්වරූපයෙන් කටයුතු කිරීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බවද එම ලිපියේ සඳහන්කර තිබේ.
මහ මැතිවරණය අවසන් වනතුරු සන්ධානයේ පක්ෂ සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව හා 1978 න් පසුව පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ලබාගත් වැඩිම මන්ත්‍රී ප්‍රමාණය ලබාගැනීමට හැකිවීම බල තුලනයට දායක වේ යැයි තමා අදහස් කරන බවද ලිපියේ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා ශ්‍රීලනිප හා සන්ධානයේ නායකයා ලෙස ඉටුකළ යුතු කාර්යය වටහාගෙන ඇති අතර, ඒ සදහා ශක්තිය ලැබේවා යැයිද සුසිල් ප්‍රේමජයන්ත් මහතා සිය ලිපියෙන් ප්‍රර්ථනා කර තිබේ