සුසන්තිකා ජයසිංහ නගන චෝදනා තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (04දා) හෙට්ටිපොලදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ රජය බලයට පත්වෙන්න කලින් තිබුන රජයෙන් රුපියල් 80000 මුදලක් ඇයට දීලා තිබුනා. ඒ දීලා තිබුනේ ක්‍රීඩා අරමුදලින්. ක්‍රිඩා අරමුදල තියෙන්නේ එක එක්කෙනාට පඩි ගෙවන්න නෙමේ.
ඇත්ත වශයෙන්ම මට ඕනවෙලා තිබුනේ සුසන්තිකා ජයසිංහට ගෞරවනීය විදිහට සලකන්න. ඒ ගෞරවනීය ලෙස සලකන්න ඕන නිසා තමා ඔය නිකන්ම නිකන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කියලා නම් ගස්සන්නේ නැතුව පැහැදිලිව කැබිනට් පත්‍රිකාවක් දාලා අපේ අමාත්‍යාංශයේ උපදේශිකාවක් විදිහට පත්කළේ.
ඒ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ මම පැහැදිලිව කිව්වා ඇයට රුපියල් 75000ක මාසික වැටුපක් සමග වාහනයකුත් ලබාදෙන්න කියලා. නමුත් කැබිනට් මණ්ඩලයෙන් අනුමත වුණේ රුපියල් 60000ක මාසික වැටුපක් 2020 වර්ෂය දක්වා ගෙවන්න.
ඇය දියතලාවේ උණ ගැනිලා ඉද්දී ඇයව බාරව සිටිය වෛද්‍යවරයාට මම කතා කරලා රාත්‍රී කාලයේ හෙලිකොප්ටරය යවන්න බැරි නිසා උදේ 8 වෙද්දී හෙලිකොප්ටරය යැව්වා ඇයව අරන් එන්න. ඒක ආරක්ෂක ලේකම්තුමත් දන්නවා. නැතුව හෙලිකොප්ටරය උඩ ඉඳලා පහළට වඩින්නේ නෑ. ඇය කොළඹට එද්දී වෛද්‍යවරු කණ්ඩායමකුත් ලැහැස්ති කරලා තිබ්බා. ඒ ඇයට තිබුන ගෞරවය නිසා.
ඒ කාලේ මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහත්තයටයි, ක්‍රිඩා අධ්‍යක්ෂක ජනරාල්වරයාවයි, සුසන්තිකාවයි ගෙන්නලා මම සුසන්තිකාට කිව්වා එහෙනම් ඔයා ලංකාවේ මලල ක්‍රීඩා සංචිතවල වගකීම බාර අරන් ඒ අයගේ කෑම බීම, පෝෂණ අඩුපාඩු, පුහුණුවීම්වල, වෛද්‍ය පහසුකම්වල අඩුපාඩු මොනවද කියලා උපදේශිකාවක් විදියට හොයලා බලන්න කියලා.
නමුත් මට ඇයව ඊට පස්සේ මුණගැහුනේ නෑ. ඇයට වැඩ කරන්න අපි ක්‍රීඩා විද්‍යායතනයේ කාමරයක් පවා හදලා තියෙනවා. නමුත් ඇය කවදාවත් ඒකේ වැඩට ඇවිත් නෑ. ඊට පස්සේ තිබුන සම්මාන උලෙළකදී ඇය මමත් ඉද්දීම කිව්වා ආණ්ඩුවෙන් සතපහක උදව්වක් නෑ කියලා. ඇයගේ ගුණමකුභාවය ගැන මම කනගාටු වෙනවා.” යනුවෙන් පැවසීය.
වඩුමුන්නේගෙදර - ටී.පී.අධිකාරි