නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (06) පෙරවරුවෙ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. මේ අවස්ථාවට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් සහ මහකොමසාරිස් වයි.කේ සිංහා මහතා ද එක්ව සිටියහ.