හිඟ වැටුප් ලබාගැනීම සහ රුපියල් තුන්දහසේ දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය ආරම්භ කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් රෝහල් රැසක කටයතු අඩපන වී ඇතිබව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබිම හේතුවෙන් මෙලෙස වර්ජනය ක්‍රියාත්මක කරන බව සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චිය මහතා පැවසීය.