ශ්‍රී ලංකා මුහුදු ජල තීරය තුළ වසර 32 ක් තිස්සේ ක්‍රියාත්මක කළ සුරුක්කු සහ ලයිලා නමැති හැඹිලි දැල් පන්න ක්‍රමය හෙට(21දා) සිට තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතන විසින් ලයිලා හා සුරුක්කු දැල් පන්න ක්‍රම පිළිබඳව කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ මෙම ක්‍රම මගින් මුහුදු ජීවින්ට සහ පැළැටි වලට විශාල හානියක් සිදුවන බවයි. ඇතැම් මත්ස්‍ය විශේෂ එනම් ගල් පර ආශ්‍රිතව වෙසෙන තඹුවෝ, කොස්සන්, ජිලාව, පසිත්තන්, පරවු, තෙල් වල්ලා. මීවැටි වැනි ගල් මාලු විශේෂ තුරන් වෙමින් තිබෙන බවයි. එමෙන්ම බිත්තර දැමීමට පැමිණෙන මත්ස්‍ය රංචු පිටින් අල්ලා ගැනීම නිසා මසුන් බෝවීමට බරපතල තර්ජනයක් මෙම දැල් මගින් සිදුවන බව අනාවරණය වී ඇත.
මේ නිසා හෙට (21දා) දින සිට එම දැල් භාවිතය තහනම් කරන ලද අතර ඒ වෙනුවට නව දැල් ක්‍රමයක් හඳුන්වාදී ඇත. නව දැල් ක්‍රම‘යේදි දැලෙහි දිග මීටර් 225 කි. උස මීටර් 25 කි. දැලෙහි ඇසක ප්‍රමාණය අඟල් දෙකයි. කාලට වඩා වැඩිවිය යුතුය. ඒ සදහා මඩියක් තිබිය යුතු අතර එය මුහුදු පතුලේ ස්පර්ශ නොවන පරිදි භාවිතා කළ යුතුය.
කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙරළේ සිට සැතපුම් 07 කට ඔබ්වෙන් ද, ගම්පහ, පුත්තලම, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල මුහුදු වෙරළේ සිට සැතපුම් 10 ක් ඈතින් මුහුදේ මෙම දැල් පන්න ක්‍රමය යොදා ගත යුතුය. එමෙන්ම යොදාගත හැකිකේ එක් බෝට්ටුවක් පමණක් වන අතර කිමිදුම්කරුවන් යොදා ගැනීම මුලුමනින්ම තහනම් වේ.
එමෙන්ම ධීවර පනත යටතේ තහනම් කරන ලද මත්ස්‍ය විශේෂවල මුහුදු ක්ෂිරපායින්, කෑස්බෑවන්, කස මෝරා, පොල් කොල මෝරා, මිණිමුතු මෝරා යන මත්ස්‍ය රංචු දැල් මගින් වට කිරිම තහනම් වේ.