අප්‍රේල් මස 29 වැනිදා හා 30 වැනිදා යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳ සැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් ඝාතනය කරන ස්ථාන, රේස්බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස්මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටියි. ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වූ 2018 අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇත.