ඇඹිලිපිටිය සාදයකදී පොලීසිය සමග ගැටුමකින් මිය ගිය අජිත් ප්‍රසන්නගේ මළසිරුර අද (15දා) උදෑසන 8.00 ට පමණ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල කණ්ඩායමක් ඉදිරිපියේ ගොඩට ගැනුණි.
සිරුරේ අභ්‍යන්තර 06 ක කොටස් (බඩවැල්) කොහොඹ ගසක් යට වළදමා තිබූ අතර, එම කොටස් ද අද ගොඩට ගත්තේය.
ගොඩට ගත් සිරුර ඥාතීන් හඳුනා ගැනීමෙන් අනතුරුව පෙට්ටිය මුද්‍රා තබා 8.25 ට පමණ මිනිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගියේ අතර, පෙ.ව. 8.45 ට පමණ මෙම ඝාතනය වූ ස්ථානය පරීක්ෂාව සඳහාද වෛද්‍ය කණ්ඩායම සහභාගී වූහ.