නව ආණ්ඩුව හඳුන්වාදුන් සුපිරි ආදායම් බද්දට යටත්වන සමාගම් අතරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් විසින් මෙහෙයවනු ලැබූ සී.එස්.එන්. ක්‍රීඩා නාලිකාවද වන බව ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
සී.එස්.එන් ආයතනය බදුගෙවීම් පැහැර හැර ඇති බවත්, විදුලිය පාවිච්චිය පිළිබඳව ගෙවීම්ද පැහැර හැර ඇති බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන එම සමාගම විසින් භාවිත කොට ඇති බවද ඔහු කීය.
2013 – 2014 මුදල් වර්ෂයට අදාළව රු.මිලියන 2000කට වැඩි ලාභය උපයා ඇති සමාගම් තම ලාභයෙන් 25% රජයට ගෙවිය යුතුව ඇත.