කොළඹ සිට මාතර දක්වා හයිබ්‍රිඩ් මෝටර් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයෙකු හා රියදුරෙකු ඊයේ (02දා) සවස සැකපිට අත්අඩංගුවට ගැනීමට මාතර පොලීසිය සමත් විය.
ඔවුන් සන්තකයේ තිබූ මත්කුඩු ග්‍රෑම් 10 යි, මිලිග්‍රෑම් 100 ක් අඩංගු කුඩු පැකට් 101 ක් ද මත් කුඩු අලෙවි කර උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 2 ½ ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ලත් ගන්දර පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ දෙවිනුවර පදිංචි 40 හැවිරිදි රියදුරා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.