නවීන පහසුමකම්වලින් සමන්විතව අඟුණකොලපැලැස්සේ ඉදිකළ බන්ධනාගාරය විවෘත කිරීමට තමන්ට ආරාධනා කර ඇතත් ඒ සඳහා එක්නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා සඳහන් කළේය. ඊයේ (02දා) කෑගල්ලේ ශාන්ත මරියා විදුහලේ පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
"මට ආරාධනා කර තිබෙනවා ලංකාවේ හොඳම පහසුකම් තිබෙන සිරගෙදර විවෘත කරන්න කියලා. මම කිව්වා මම එන්නේ නෑ කියලා. මට බේරිල්ලක් නෑ බොහොම ලස්සනයි, පහසුකම් තියෙනවා, විශාල වශයෙන් වියදම් කර තියෙනවා ඒ නිසා එන්න කියනවා හම්බන්තොටට. මම කිවුවා හිර ගෙවල් විවෘත කරන්න නම් මම එන්නේ නෑ පාසලක් විවෘත කරන්න නම් එන්නම් කියලා. හිරගෙවල් වහලා පාසල් විවෘත කරන රටක් අපට අවශ්‍යයි"