සන්ධාන ආණ්ඩු සමයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබූ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 02 ක් නිවාස හා සමෘද්ධි කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ එවකට ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘති දෙකෙහි කටයුතු පෞද්ගලික සමාගමකට භාර දෙනු ලැබ තිබිණි.
'හන්තාන රෙසිඩන්සීස්', හා 'දුනුමඩලාව විලාස්' යන නමින් ඉදිකිරීමට සූදානම් වූ මෙම ව්‍යාපෘති දෙක එවකට පුවත්පත් දැන්වීම් මගින්ද ප්‍රචාරය කෙරිණි. රුපියල් මිලියන 10කට එහා මිලක් සහිත නිවාස සෑදීමට යෙදී තිබූ මෙම ව්‍යාපෘතීන් කෙරෙහි කලක් මුළුල්ලේ පරිසර හා විවිධ සංවිධාන විසින් විරෝධය ප්‍රකාශ කරනු ලැබිණි.
හන්තාන ප්‍ර‘දේශය හා මහනුවර දුනුමඩලාව යන දෙපළාතේ මෙම සුපිරි නිවාස සංකීර්ණ ඉදිකිරීම සිදුකළහොත් එම ප්‍ර‘දේශ නාය යනු ඇති බව පරිසරවේදීහු දිගින් දිගටම පෙන්වා දුන්හ. කෙසේවුවද ඉහත කී ව්‍යපෘතීන් ආරම්භ කිරීම සඳහා අදාළ බිම්කොටස් එළි පෙහෙළි කිරීමටත්, අනතුරුව ඉඩම් කට්ටි කිරීමටත් යොදා තිබූ ක්‍රියාමාර්ග වත්මන් නිවාස ඇමතිවරයා විසින් මේ වනවිට අත්හිටුවනු ලැබ ඇත.
ඉදිරියේදී මෙකී ව්‍යාපෘතීන් සහමුලින් නවතා දැමීමට විෂය භාර ඇමතිවරයා ක්‍රියා කරනු ඇතැයි නිවාස අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.