සුපිරි අමාත්‍යවරයෙකු නොමැති බවත්,එය මාධ්‍ය හා විවිධ දේශපාලඥයන් විසින් හදාගත් නමක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පැවසීය.
එසේම රටේ ශීඝ්‍ර සංවර්ධනයක් වෙනුවෙන් ගෙනා පනතකට වැරදි අර්ථකථනයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක නිවාසයක් හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.