සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳව වන යෝජනාව ක්‍රියාවට නැංවීම කැබිනට් මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.එම පනත පිළිබඳව පළාත් සභා හා සාකච්ඡා පැවැත්විය යුතු වීම හේතුවෙන් එසේ පනත පිළිබඳව සකච්ඡා කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට ලබාදෙන බවට යෝජනා තිබුණත් එවැනි දෙයක් සිදු නොවන බවත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඉක්මන් කරවීම සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීම පනත හරහා බලාපොරොත්තු වූ බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැසීය.
කොළඹදී අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසුවේ අදාළ පනත ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි.