ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් මත සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ ලැබුණු ඡන්ද ප්රමාණය මදක් අඩුවීම නිසා බවත් හෙතෙම පැවසීය.