ශ්‍රී ලංකාව කිසිඳු සුනාමි අවධානමක් හෝ සුළි කුනාටු අවධානමක් නොමැති බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ස්ථාන කිහිපයකදී මුහුදු ජලය ගොඩබිමට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් බලපා ඇති බවට විවිධ පාර්ශ්ව ප්‍රචාරය කරන ලදී. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉහත විශේෂ නිවේදනය නිකුත් කළේය.