සුනාමි අනතුර ඇඟවීමේදී ප්‍රතිචාර දක්වන පෙරහුරුවක් මේ මස 05 වැනි දින දිස්ත්‍රික්ක 14කදී ගම්මාන 77කදී පවත්වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙහිදී සුනාමි අනතුරු ඇඟවීමේ කුලුණු 77ක් මගින් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන බවත්, මෙම අනතුරු ඇඟවීම එදින සවස 2ත් 5ත් අතර කාල වෙලාවන්වලදී සිදුකරන බවත් එම ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවි ජයරත්න මහතා සඳහන් කළේය.
අනතුරු ඇඟවීම හරහා තෝරාගත් ගම්මාන 77කදී ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, මේ නිසා අන් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව කලබල නොවිය යුතු බවත් අද (02දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.