පළාත් පාලන ආයතනයන්ට අයත් පරිපාලන සීමාව තුළ සිටින සියලුම සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචි කළ යුතු බවත් ලියාපදිංචි ගාස්තුව ඒ ඒ පාළාත් පාලන ආයතන විසින් තීරණය කරනු ඇති බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය කියයි.
ඒ අයුරින් සුනඛයින් ලියාපදිංචි නොකරන්නේනම් රුපයිල් 10,000.00 ක උපරිම මුදලක් දක්වා දඩ පැනවීමට තීරණය කර ඇති බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
|
ජල භීතිකා රෝගය පිළිබඳ ආඥා පනත සහ සුනඛයින් ලියාපදිංචි කිරිමේ ආඥා පනත සංශෝධනය කිරීමටත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා.
|
අයාලේ යන සුනඛයින්ගෙන් මහජනතාවට සිදුවන පීඩාවන් වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉහත පියවර ගැනිමට නියමිතය.
එසේම සුනඛයින් ලියාපදිංචි කිරීමේදී ජල භීතිකා එන්නත ලබාදීම අනිවාර්ය කිරිමටත් නියමිතය.