පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරුවෙකුගේ මවක් රඳවා සිටින බවට වාර්තා කළ ප්රවෘත්තියකට ස්වාධීන රූපවාහිනී හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ සම්බන්ධ බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීම නිසා ඔහුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02දා) නියෝගයක් නිකුත් කර තිබේ.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අදාළ ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට සුදර්මන් රදලියගොඩ මහතා සම්බන්ධ බවට කරුණු වාර්තා කිරීම නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.