ජනපතිවරණ කාල සීමාවේදී එවකට පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ළමයෙක් යොදාගනිමින් කරනු ලැබූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වාධීන රූපවාහිනී සේවයේ සුදර්මන් රදලියගොඩ මහතා අද (24දා) ඇප මත නිදහස්විය.
ඔහු හා ජනාධිපති ආරක්ෂක අංශයේ මලික් මධුරංග, සරත්චන්ද්‍ර ගුණතිලක යන අය, එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර අැප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.