ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ මහතා එළැඹෙන 24දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10දා) නියෝග කළේය.
ජනාධිපතිවරණ කාල සීමාවේදී එවකට පොදු අපේක්ෂක වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් වැරදි පුවත් විද්‍යුත් මාධ්‍යක පළ කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.