අධික වේගයෙන් රිය පැදවීමේ සිදුවීමකට අදාළව වරද පිළිගත් නීතිවේදී සුගන්ධිකා ප්රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයෙ මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය ඇයට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ. නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගත්තාය.