සීෂෙල්ස් රාජ්‍යයේ හෝටල්, ඉදිකිරීම්,හෙද හා ගුරු වෘත්තිය ආශ්රිත රැකියා අවස්ථා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි විදේශ සේවා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් තානාපති පිලීප් ලී මහතා සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (02දා) විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවූ අතර, එහිදීඉදිරියේදී දෙරට අතර විදේශ රැකියා සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
ඒ අනුවසීෂෙල්ස් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශය හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම ඇති කරගැනීමට නියමිතය.