සීමා නීර්ණ කටයුතු නිසා ඡන්ද බැහැ
සීමා නීර්ණ කටයුතු සිදුවන අවස්ථාවක් ඡන්දයක් පැවැත්වීමට නෛතික බලයක් නොමැතිව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම සම්බන්ධයෙන් ඇති වූ විවාදයේ දී පිළිතුරු ලබාදෙමිනි.
සීමා නීර්ණ සිදු කර තිබුණේ, සීතල කාමරවල සිටයි.සීමා නීර්ණවල ගැටළු ගණනාවක් තිබෙනවා. අභියාචනා දෙදහහසක් පමණ ලැබී තිබෙනවා. කොට්ඨාශ 6000න් 2000ක සීමා නීර්ණ අවසන් කර තිබෙනවා.
මේ ප්රශ්නය නිරාකරණය කරන්න කාලපරිච්ඡේදයක් අවශ්‍යයි.පක්ෂයක ප්‍රශ්නයක් නොවේ. අභියාචනා කටයුතු අවසන් කර ඡන්දය තියන්න වෙන්නේ.නෛතික රාමුවක් තිබෙනවා.අභියාචනා කමිටුවක් පත්කර තිබෙනවා.ඒ අතරතුර ඡන්දයක් පවත්වන්න බෑ. ප්‍රශ්නයක් තිබෙනවා නම් අභියාචනා කොමිටියක් පත් කිරීමේ යුතුකමක් තිබෙනවා. සීමා නීර්ණ කටයුතු අතරතුර ඡන්දයක් පැවැත්වීමට නෛතික බලයක් නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

