පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාව පසුගිය 17 වන දින ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරන බවට ප්‍රකාශ කළද මෙතෙක් එම වාර්තාව ගැසට් කර නැතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වාර්තාව ගැසට් කරන බව ජනතාවට පොරොන්දු ලබා දුන්නද මැතිවරණය කල්දැමීමේ කොටස්කරුවන්ට සීමා නිර්ණය ගැසට් කිරීම පමා කරමින් සිටින බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් නිර්ලජ්ජිත උත්සාහයක් ගනිමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.