රජය මීට පෙර ප්රකාශ කළ පරිදි පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව අද (31දා) සවස් වීමට පෙර මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අගෝස්තු 31 වන විට එම වාර්තාව භාරදෙන බවට රජය මීට පෙර ප්රකාශ කළ බවත්, ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කළ යුතු බවත් මන්ත්රීවරයා පැවසීය.
මෙම තීරණය සම්බන්ධයෙන් මුළු රටම බලාසිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.