සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුව සංශෝධනය කළ කොට්ඨාස නැවත පරීක්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.
ඊයේ (30දා) තමන් තනියම කොළඹ දිස්ත්‍රික්කයේ සංශෝධන පරීක්ෂා කළ බවත්, එහිදී මොරටුව කොට්ඨාසයේ නිවැරදි කිරීමක් සිදුකළ බවද සභාපතිවරයා සඳහන් කළේය.
කොට්ඨාසවල සීමාමායිම් පිහිටි උපලේඛනවල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පසුව අවසන් වාර්තාව මේ මස 15 වැනිදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බාර දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.