හිටපු මන්ත්‍රී සී.බී රත්නායකගේ රියදුරු වස පානය කර මියගොස් සිටියදී සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබී මළ සිරුර සොයාගෙන ඇති බවයි. 52 හැවිරිදි එම රියදුරා සියදිවි හානිකරගන්නා බවට ලිපියක්ද ලියා තබා ඔහු වාසය පානය කර ඇතැයි සැකකරන බව සදහන්
පසුගියදා අමතිවරයාට අයත් නිවසක හටගත් ගින්න සම්බන්ධයෙන් තමන්ව සැක කරන බවත් ඒ පිළිබඳව තමන් සිත්තැවුලෙන් සිය බිරිඳට දැනුම්දී ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ. මළ සිරුර තරමක් ඉදිමි ඇති බවද පොලීසිය පැවසීය