රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන අතර වෙනත් නමකින් හෝ කිසිම විටක සීපා ගිවිසුම අත්සන් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන්දියාව සමග රටට හිතකර ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තුවන අතර එහි අඩංගු වන්නේ ආර්ථික සහ තාක්ෂණික ක්ෂේත්රයට අදාළ වගන්ති පමණක් බවත් අගමැතිවරයා කීය. වගකිව යුතු වෘත්තීය සංවිධානයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ කරමින් තම සාමාජිකත්වයත් සාමාන්‍ය මහජනතාවත් රැවටීමට ක්‍රියා කිරීම හෙළාදකින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.