දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග ඇතිවීමට සීනි අධික ලෙස භාවිත කිරීම බලපාන බැවින් සීනි භාවිතය අඩුකර ගැනීමට ජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අද (12දා) චක්‍ර‘ලේඛයක් නිකුත් කර තිබේ.
සිදුකළ පර්යේෂණයකට අනුව මේ රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් වර්ෂයකට සීනි කිලෝ 30කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන බවට හෙළි වී තිබේ.