සීගිරිය අභයභූමියට අයත් ඉලුක්වල ප්රදේශයේ නිධානයක් ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනෙකු ඊයේ (08දා) සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී කාර්යාලය පවසයි.
මෙම ප්රදේශයේ අඩි 15ක පමණ වළක් හාරා ඒ තුළ බෝර දමමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත්බව සීගිරි වනජීවී කාර්යාලය සඳහන් කරයි.
වැටලීම අතරතුර දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඔවුන් සතුව තිබූ පුජා භාණ්ඩ වෙඩි නූල්, ගල් කඩන ආයුධ, වතුර බට හා ඔවුන් පැමිණි බවට සැකකරන ත්රිරෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සීගිරිය හා කුරුණෑගල පදිංචිකරුවන් බව වනජීවී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරුවන් අද (09දා) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.