සිගිරිය නැරඹිමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 24 දෙනෙකු බඹර ප්රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.චීන ජාතිකයින් 7ක්, ඉතාලි ජාතිකයෙක් හා ශ්රී ලංකාවේ 16ක් මෙසේ බඹර ප්රහාරයට ලක්ව තිබේ.
තුවාලකරුවන් කිඹිස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියයි. ඊයේ (09දා) මෙම අනතුර සිදුව තිබේ.