සීගිරිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට ලී කැටයම් හා විවිධ ආහාර වර්ග අලෙවි කරමින් සිටි වෙළෙන්දන් එම වෙළෙඳ කුටි වලින් ඉවත් කිරීම නිසා ඔවුහු ගැටලු රැසකට මුහුණ දී සිටිති.
මැතිවරණ ජයග්‍රහණයත් සමග පැමිණි පිරිසක් වහාම තමන්ට පිටව යන ලෙස දැනුම් දුන් බව වෙළෙන්දෝ කියති.
මෙම වෙළෙඳ කුටිවල හිමිකාරිත්වය දරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ අලුතින් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයෙකුගේ දැනුම්දීම මත ඔවුන් වෙළෙඳසැල් වලින් තාවකාලිකව ඉවත්ව ඇති බවයි.