දිගම්පහා රක්ෂිතයේ සිටි දළ ඇතා (සීගිරිය ඇතා) වෙඩි තබා මරා දමා තිබේ.ඇත් මල සිරුර සිගිරිය බටුයාය ප්‍රදේශයේ වෙලක තිබී හමුවිය.
අත්සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය විජේසුන්දර මහතා විසින් ඊයේ (11දා) සිදු කළේය.
අඩි දෙකක් පමණ දිගු දළ සහිත මෙම ඇතාගේ බඩ ප්‍රදේශයට වෙඩිතැබීම නිසා මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදි තීන්දු වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය කරන අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක හතාද එක්විය.
දඹුල්ල පුඤ්ඤරත්න