සීගිරි බිතු සිතුවම් ලෙනේ පිහිටි සීගිරි ලඳුන්ගේ ඡායාරූප ගැනීම අද (30දා) සිට සම්පූර්ණයෙන්ම තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
සීගිරි බිතු සිතුවම් ලෙනෙහි චිත්රවලට මදක් ඉහළින් ඉපැරණි බදාම තට්ටුවක් කඩා වැටීමේ සිද්ධියත් සමග බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ඇතිව මෙම තීරණයට එළැඹි බව අධ්යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
මීට පෙර සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීමට අවසර තිබුණේ විදුලි ආලෝක ක්‍රියාත්මක කිරීමෙන් තොරවය. එහෙත් බොහෝ දෙස් විදෙස් සංචාරකයන් විදුලි ධාරා සහිතව ඡායාරූප ගැනීම නිසා පැරණි බිතු සිතුවම් හා බදාමවලට හානි සිදුවන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
චාමර සම්පත් / එස් කරුණාරත්න