සීකා වෛරසය රට තුළට ඒම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපල සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වෛද්‍ය පාලිත මහීපාල මහතා මේබව ප්‍රකාශ කළේ, ඊයේ (2දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීකා රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, ඒ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද ඊට සූදානම් කර තිබෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මේ රෝගී තත්ත්වයන් පිළිබඳව එම්.ආර්.අයි.වාර්තා සිකුරාදා සිට ලබගත හැකි බවද කී පාලිත මහීපාල මහතා,ඩෙංගු තරම් අවදානම් තත්ත්වයේ රෝගයක් නොවූවත්, ගැබිණි මාතාවන්ට මෙම රෝගය වැළදීමෙන් උපදින දරුවන්ගේ හිස්කබල වර්ධනයේ අඩුවීමේ රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතින බවද පැවසීය.