හපුගල මහ විදුහලේ පළමුවන ශ්‍රේණියේ ඉගෙණුම ලබන සිසුවෙකුට අමාණුෂිකව පහරදුන් බව කියන ගුරුවරියක අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගුරුවරියක එළැඹෙන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (09දා) නියෝග කළේය.
සිසුවාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළ ගාල්ල වැඩ බලන මහේත්‍රාත් වරයා හෘධ රොගියෙකුවන සැකකාරියට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනිමට පහසුකම් සපයන ලෙසද බන්ධනාගාර නිළධාරීන් වෙත නියෝග කළේය.
ජිනේෂ් නානායක්කාර