බාල වයස්කාර ශිෂ්‍යාවන් 4 දෙනෙකුට අපයෝජනය කළේ යැයි සැකපිට 44 හැවිරිදි විදුහල්පතිවරයෙක් අද (30දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ අතරවයට ලක්ව ඇත්තේ, ඇල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් යහලවෙල විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සිවු දෙනෙකි.
විද්‍යාලයේ බුදුමැදුරේදි හා ගුරුවිවේකා ගාරයේදි මෙම ශිෂයාවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඒ ශිෂ්‍යාවන් මේ සිද්ධිය පිළිබඳව දෙමාපියන්ට හා ගුරුවරුන්ට පැවසීමෙන් පසු දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මින් පෙරද බාලයස්කාර ඥාති දියණියකට අපයෝජනය කළ බවට චෝදනා ලැබු අයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය විය.
බදුල්ල - පාලිත ආරියවංශ/ඇල්ල - ප්‍රසාද් රුක්මල්