බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කොට දූෂණය කළ බවට වූ චෝදනාවන්ට වරදකරුවූ පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය වසර 08 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළාය.
අතවරයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුට 40,000 ක දඩයක්ද නියම කළාය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කෙරුණේ අතුරුගිරිය කොළඹ මාර්ග අංක 170 මාර්ගයේ, ධාවනය කරන පෞද්ගලික බස් රථයක රියදුරෙකු වන සුදත් රණසිංහ නමැත්තෙකුටය.