අලුතින් පත්කළ පොලිස් කොමිසම මගින් සිසුන්ට සිදුවන සාධාරණය කුමක්දැයි විශ්ව විද්‍යාල සිසුන් බලාසිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍යයන්ට පොලීසියෙන් පහරදීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ විරෝධතාවේ සිටි සිසුන්50 දෙනෙකු පමණ ඊයේ (02) ජාතික පොලිස් කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ කැඳවුම්කරු,
“සිසුන්ට පහරදීම පිළිබඳව අපි පොලිස් කොමිසමට පැමිණිලි කළා. මේක ආණ්ඩුව කරපු පහරදීමක්. පොලිස් කොමිසමේ ලේකම්වරයා ප්‍රකාශ කළා ස්වාධීනව පරීක්ෂණයක් ආරම්භකරන බව. සිසුන් අත්සන් කරලා ලිපියක් භාරදුන්නා. අලුතින් පත්කළ පොලිස් කොමිසමෙන් සිසුන්ට සිදුවන සාධාරණය කුමක්ද කියා අපි බලා සිටිනවා*යනුවෙන්දසඳහන් කළේය.