උසස් ජාතික ගණකාධිකරණ විෂයය හදාරන ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය සීමාව ඉක්මවා ක්‍රියා ළ බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවත්, එය තරයේ හෙළාදකින බවත් බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම තිබිය යුතු අතර, අදහස් ප්‍රකාශ කිරීමේදී රටේ නීතිය හා සාමය කඩ නොකරන මට්ටමටද වග බලාගත යුතු යැයි අමාත්‍යවරයා පැවසුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් විසින් සංවිධානය කරන ලද‘%ක්‍රෙසෙන්ඩෝ 2015’ උත්සවයේදී අද(02දා) අදහස්දක්වමිනි.