අධ්‍යාපනයත් සෞඛ්‍යයත් රැකගැනීම සඳහා සිදුකළ පහරදීමට එරෙහිව හෙට (03දා) රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පැය දෙකක විරෝධතාවක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
වෛද්‍ය ශිෂ්‍යයන් දින 100 කට අධික කාලයක සිට අරගල කරන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර දමා මේ රටේ අධ්‍යාපනයත් සෞඛ්‍යයත් රැකදීමට බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
වෛද්‍ය ශිෂ්‍යයන් පැවැත්වූ විරෝධතා පෙළපාළියට පසුගිය 29 වැනි දින ප්‍රහාරයක් එල්ල කළ බවත්, මෙය ඉතාමත් නිර්ලජ්ජිත ක්‍රියාවක් බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම පහරදීමට විරෝධය පා සමස්ත රෝහල තුළම සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් විරෝධතාවක නිරතවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.