පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේදී අසාධාරණයට ලක් වූ අවස්ථා ඇතොත් එවැනි පැමිණිලි ඉදිරිපත් කිරිමට එළඹෙන මාර්තු මස 06වැනිදා තෙක් අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම පැමිණිලි බාරගැනීමට විශේෂ කවුළු කිහිපයක් එදින දක්වා දක්වා සතියේ වැඩ කරන දිනවලදී අමාත්‍යාංශයේ ස්ථාපනය කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම ඉල්ලීම් හා පැමිණිලි සියල්ලම විමර්ශනය කර සුදුසු තීරණ ලබාදෙන අතර, එම තීරණය අවසාන තීරණය බවත් ඊට පරිබාහිරව තීරණ ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අධ්‍යාපන ලේකම්වරයා විසින් සිදුනොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා විවිධ ඉල්ලීම් රැගෙන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම නිරන්තරයෙන් සිදුවුවද, එවැනි ඉල්ලීම්වලට සිසුන් ඇතුළත්කරගන්නා ලෙස විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ කිසිදු නිලධාරියෙකු විසින් සිදුනොකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.